මො/හෙලගම කණිෂ්ඨ විද්‍යාලය

පාසලේ ඉතිහාසය

තෛපොංගල් දින සැමරුම

whatsapp-image-2024-11-07-at-9.56.33-am.jpeg
whatsapp-image-2024-11-07-at-9.56.33-am.jpeg

 

පාසලේ ආරම්භය සහ ඉතිහාසය හැඳින්වීම.

 

ඌව පළාතේ මොනරාගල දිස්ත්‍රික්කයේ ඔක්කම්පිටිය නගරයට ආසන්නව පිහිටි හෙලගම නම් සුන්දර සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල කුඹුක්කන් නදී කොමලියගෙ පහස ලබමින් දේශයේ ජීවනාලිය වන්නට පාරමි පුරනා නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කිරිමට ප්‍රයත්න දරනා කීර්තිමත් විදුහල් මාතාවකි.සොභාව සෞන්දර්යයෙන් අනූන වූ සොදුරු පරිසරයක පිහිටි අප පාසල අද වන විට ප්‍රදේශයටම අලෝකයක් සහිත කීර්තිමත් විදු බිමක් වෙමින් පවතී.

වර්තමාන ගල් කොටුව ගමේ පාසල මුලින්ම පිහිටා තිබී ඇති බව ජනප්‍රවාදයේ සඳහන්වේ. 1910 වර්ෂයේ දී පාසල ආරම්භ කර ඇති බව අනුමාන කෙරේ. ඉංග්‍රීසි රජය කාලයේදී මෙය ආරම්භ කර ඇත. ගමේ කණ්ඩිය කොටස, හෙළ ගෙදර කොටස, පහළ ගම කෙසෙල්වත්ත කොටස, නයි පෙනේ යාය කොටස යන ගම්වලින් සිසුන් පැමිණ ඇත ඉහත සඳහන් කළ ගම්වල පමණක් යන අවාස පැවති නිසා මෙම ගම්වලින් සිසුන් පැමිණ ඇති බව නිගමනය කර ඇත. 
හෙළගම ප්‍රධාන ශාලාව ගබඩාව විද්‍යාලයේ ප්‍රථම විදුහල්පති ලෙස පස්සට ප්‍රදේශයේ මලියදේව සේනානායක මහතා රාජකාරී කර ඇති බව ආදිවිත්වතුන්ගේ මත අනුව හඳුනාගෙන ඇත. ආරම්භයේ සිසුන් පහළොස්දෙනකු පමණ සිට ඇති අතර මුල් ගුරු පමණක් එනම් විදුහල්පතිතුමා පමණක් ගුරුවරු ලෙස සිට ඇත. 1923 වර්ෂයේ පමණ වන විට විදුහල හෙළගම ප්‍රදේශයට රැගෙන එන ලදී. ඊට හේතුව වන්නේ ගල්කොටුව ගම මිනිසුන් ගම අත හැර යෑමයි.

බුත්තල උපදිසාපති කොට්ඨාසයේ ඔක්කම්පිටි ග්‍රාමයේ පාසල් හයකි. ඉන් පැරණිතම පාසල මෝහෙලගම කනිෂ්ඨ විද්‍යාලයයි. වැල්ලවාය කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයෙන් පාලනය වන මෙම විදුහල 1923 දී ගල්කොටුව යන ග්‍රාමයේ කටු මැටි ගැසු තල් අතු සෙවි කළ කුඩා ශාලාවක ආරම්භය විය.  ආරම්භයේදී ශිෂ්‍ය සංඛ්‍යාව හතළිහකට සීමා වී ඇත. ගමේ ආරච්චිලා ඇතුළු ප්‍රභූන් හෙළගම පදිංචි වී සිටි නිසා 1926 සැප්තැම්බර් මස පළමුවන දින පාසල ගල්කොටුව ගමින් හෙළගමට පැමිණ ඇත.

ස්ථීර ගොඩනැගිල්ලක් ලැබීම.   ඉංග්‍රීසි පාලන සමයේ ගමේ පාලනය ආරච්චිලාට භාරව තිබූ යුගයේ ඒ අයගේ ක්‍රියා කලාපය ද පාසලේ දියුණුව ඇනහිටීමට බලපා ඇති බව පෙනේ. එවැනි අයගේ අත්තනෝමතික ක්‍රියාවන් නිසා 1923 සිට 1950 දක්වා පොත්පත් පාසලට අහිමි වී ඇති බව ගම්මුන්ගේ මතයයි. 

විදුහලේ ඇති ලිඛිත සාක්ෂි වලට අනුව 1950 සිට මේ දක්වා විදුහල්පතිවරු දහතුන් දෙනෙකු සේවය කර ඇත. ප්‍රාථමික පාසලක් ව පැවැති මෙය කනිෂ්ඨ පාසලක් දක්වා උසස් කර ගැනීම, භෞතික සම්පත් සම්පූර්ණ කර ගැනීම, ශිෂ්‍ය සංඛ්‍යාවේ වර්ධනය, පංති සංඛ්‍යාව වැඩිකර ගැනීම ආදියෙන් ප්‍රමාණාත්මක සංවර්ධනයක් මෙන්ම විදුහලේ දැනට ක්‍රියාත්මක වෙමින් පවතින ප්‍රාථමික චක්‍රය සම්පූර්ණ නොකර සිසුන්ගේ ඇද හැලීම අඩු කිරීම සිසුන්ගේ නැවත රැඳීම අඩුකිරීම නිවැරදි අත් අකුරු සකස් කිරීම සිසුන්ගේ සාදන මට්ටම් ඉහළ නැංවීම පෝෂණය සඳහා කොළ කැඳ දීම ආදි ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමෙන් අධ්‍යාපන ගුණාත්මක සංවර්ධනයද ඇති කිරීමට කටයුතු සලසා ඇත.  

මේ වන විට විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය 25ක් වන අතර, අනධ්‍යන කාර්ය මණ්ඩලය 03කින් සමන්විතය. 174 පමණ වූ සිසු දරුවන්ගේ අධ්‍යාපනය ඉහළට ඔසවා තැබීම සදහා එම කාර්ය මණ්ඩලය නිරන්තරව ඇප කැප වී සිටී."දැයට අභිමනවත් ප්‍රබුද්ධ දරුවන් ජනිත කිරිම" යන දැක්ම අනුව යමින් ලංකාව පුරා විදුහල් සමග උරෙනුර ගැටෙමින් සෑම අතින්ම ජයග්‍රහණය කරා පියමැනීමට, අධ්‍යන, අනධ්‍යන කාර්ය මණ්ඩලයේද, දෙමාපියන් හා අධ්‍යාපන බලධාරීන්ගෙන් ද ලැබෙන සහය විශාල ශක්තියකි. වර්ෂ 2026 වන විට කලාපයේ පාසල් අතර ගුණාත්මක සංවර්ධනයේ ප්‍රමුඛස්ථානයට ලගා වීම අප පාසලෙහි අපේක්ෂාව වන්නේය.

වර්තමානය වන විට මො/ හෙලගම කනිෂ්ඨ විද්‍යාලයේ ගුරු කාර්ය මණ්ඩලය විසි පහකි. එමෙන්ම අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ තිදෙනෙකි. 

ආරම්භ කළ වර්ෂය

1923  වර්ෂයේ දී 

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

01

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

15

මුල් ගුරුතුමාගේ නම

මලියදේව සේනානායක මහතා

පාසලේ ආදි කතෘගේ නම

මලියදේව සේනානායක මහතා

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

මො/ හෙලගම කනිෂ්ඨ විද්‍යාලය

පාසල භාරව කටයුතු කිරීම

මලියදේව සේනානායක මහතා

පාසල රජයට පවරාගත් දිනය

1957 වර්ෂයේ දී 

පාසල පැවැත්වූ ස්ථානය

ගල්කොටුව ප්‍රදේශය  , හෙළගම ප්‍රදේශය

ප්‍රථම ශිෂ්‍යයාගේ නම

තොරතුරු සඳහන් වී නොමැත.

ප්‍රථම ශිෂ්‍යයාවගේ නම

තොරතුරු සඳහන් වී නොමැත.

ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව

තොරතුරු සඳහන් වී නොමැත.