විදුහල්පති පණිවිඩය
එච්.කේ.කේ. චන්ද්‍රසිරි
පුරා වසර සියයකට වඩා දිගු ඉතිහාසයකට උරුමකම් කියන මො/හෙලගම කනිෂ්ඨ විද්‍යාලය විවිධ සමාජ, අධ්‍යාපනික, ආර්ථික පසුබිම් ඔස්සේ ඉදිරියට පැමිණ ඇත. ඒ අනුව වෙනස් වන තාක්ෂණික ලෝකය සමඟ ද උරනුර ගැටෙමින් ලෝකය ජයග්‍රහණය කරන්නට පා තබමින් සිටින්නේමු.
අප පාසල තුළ තොරතුරු තාක්ෂණයක අංශයන් නොතිබුනද තොරතුරු තාක්ෂණය පිළිබඳ දැනුම, දැනට තිබෙන පහසුකම් යටතේ සියලු දරුවන්ට ලබා දීමට ප්‍රයත්න දරමි. එහි එක් පියවරක් ලෙස සයිබර් අවකාශය තුළට පිවිස අපගේ පාසල නමින් වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට හැකිවීම සතුටුදායක අවස්ථාවකි. ඒ වෙනුවෙන් උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවා යි ප්‍රාර්ථනා කරමි.
එච්.කේ.කේ. චන්ද්‍රසිරි
විදුහල්පති
මො/හෙලගම ක.වි..





