මො/හෙලගම කණිෂ්ඨ විද්‍යාලය

තෛපොංගල් දින සැමරුම

whatsapp-image-2024-11-07-at-9.56.33-am.jpeg
whatsapp-image-2024-11-07-at-9.56.33-am.jpeg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

පී.එච්.ජි.නිශාන්ත

වසර සියයකට වඩා ඉතිහාසයට උරුමකම් කියන හෙළගම විද්‍යාලය මෙම ප්‍රදේශයේ ආරම්භ කර ඇති පළමු පාසලයි. ඓතිහාසික දෙමටමල් විහාරයට යාබදව මනරම් වෙල්යායක් මැද අලංකාර  භූමියක පිහිටා ඇති මෙම විද්‍යාලය වර්තමානය වන විට ප්‍රදේශයේ දුප්පත් දරුවන්ගේ නැණස පහදමින් දැයට වඩාත් වැඩදායික පුරවැසියන් බිහිකිරීමේ අරමුණින් යුතුව කටයුතු කරන, අනාගතයේ ඌව පළාත තුළ මෙන්ම මුළු දිවෙහිනේ ම දිදුලන පාසලක් බවට පත් වේවායි ප්‍රාර්ථනා කරමි. 

ගෝලීයකරණය හමුවේ මුළු ලොවම එක මිටට ගත හැකි සයිබර් අවකාශයේ අප පාසල ද ඉඩක් වෙන් කර ගැනීමේ අරමුණින් යුතුව ආරම්භ කරන අප පාසල් සයිබර් අවකාශ පිටුවෙහි අනාගතයෙහි අප දරුවන්ගේ දස්කම් විස්කම් ලොවට පෙන්වීමට ඉවහල් වනු ඇතැයි බලාපොරොත්තු වෙමි.

පී.එච්.ජි.නිශාන්ත
නියෝජ්‍ය විදුහල්පති
මො/හෙලගම ක.වි..