මාපිය සම්භාවනා වැඩසටහන
අප විද්‍යාලයේ පළමුවරට සංවිධානය කරන ලද මාපිය සම්භාවනාව වැඩසටහන 2024.11.11 දින පැවැත්වූ අතර ඒ සඳහා අප විද්‍යාලයේ ආරාධනය පිළිගෙන පැමිණි මො/ හම්බෙගමුව මහා විද්‍යාලයේ A.A. සාලිය අමරසිංහ මැතිතුමන් විසින් වැඩසටහන මෙහෙයවන ලදි. මාපිය දූ දරු සම්බන්ධතාව ඇති කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක වුණි. සඳහා පාසලේ සියලුම දුවාදරුවන් සහ දෙමාපියන්ගේ සහභාගිත්වයෙන් ඉතා සාර්ථකව සිදු කරන ලදී.
මෙම කටයුත්ත ඉතා සාර්ථකව නිම කිරීමට හැකියාව සැලසුණේ දරුවන්ගේ සහ දෙමාපියන්ගේ පැමිණීම මතය. මෙම කටයුත්ත සඳහා සම්පත් දායකත්වය සිදු කල සාලිය අමරසිංහ මැතිතුමන් දෙමාපියන්ගෙන් දරුවන්ටත්, දරුවන්ගෙන් දෙමාපියන්ටත් සිදුවිය යුතු යුතුකම් සහ වගකීම් පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා දෙන ලදී. මෙම වැඩසටහනක් පෙරවරු 9 .00 සිට මධ්‍යහන 12.00 වනතුරු ඉතා සාර්ථකව පැවැත්වුණි.
![]() |
![]() |
මෙම වැඩසටහනෙන් දරුවන්ටත් දෙමාපියන්ටත් තම ජීවිතයට ඉතා වටිනා කරුණු රාශියක් ඉගෙන ගැනීමට හැකියාව ලැබුණි. මෙවන් වූ වැඩසටහන් රාශියක් මො/හෙලගම කනිෂ්ඨ විද්‍යාලයේ පැවැත්වීමට නියමිත අතර මෙය එහි මූලාරම්භය යි.







